මැරතන් තරඟයක් අතරතුර දී දරුවෙක් මියයයි

මැරතන් තරඟයක් අතරතුර දී දරුවෙක් මියයයි

මැරතන් තරගයක් අතරතුර දී දස හැවිරිදි දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුඩා හෙට්ටියාව, පලාගල ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 10ක දරුවෙක්.

කැකිරාව – පලාගල කුඩා හෙටිට්යාව ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක පැවති මැරතන් තරගය සඳහා එක්ව සිටි පහළොස් හැවිරිදි මියගිය දරුවා තම සහෝදරයාගේ සහාය සඳහා එක්ව සිටියදියි මෙම දරුවා මිය ගොස් ඇති බව වාර්තා වන්නේ.

පලාගල මහා විදුහලේ පස්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු වන මෙම දරුවා තරගයේ අඩක් පමණ නිම කර තරඟකරුවන් පලාගල ප්‍රදේශයට ළඟා වන විට තරගකරුවන් අතරේ ගමන් කරමින් සිටියදි හදිසියේ අසනීප වී ඇත්තේ.

ප්‍රදේශවාසීන් විසින් දරුවා කලාවැව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.