දප්පුලගෙන් පෙත්සමක්

දප්පුලගෙන් පෙත්සමක්

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රකාශයක් ලබාගැනීමට තමන් වෙත නිකුත් කර ඇති කැඳවීම සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

නීතීඥවරු මාර්ගයෙන් ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අද (24) දිනයේ හිටපු නීතිපතිවරයා මෙලෙස කැඳවා තිබුණේ තුන්වන වතාවටයි.

පළමු අවස්ථාවේ ඔහු නීතීඥයෙකු මාර්ගයෙන් පිටු හතක විරෝධතාවක් ගොනුකළ අතර, පසුගිය සිකුරාදා දෙවන වරට කැඳවූ අවස්ථාවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සමඟ පැවති සාකච්ඡාවක් හේතුවෙන් පැමිණීමට නොහැකි වූ බව දැනුම්දී තිබුණා.

හිටපු නීතිපතිවරයා මෙලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණේ ධුරයෙන් විශ්‍රාම යාමට ආසන්න දිනයකදී පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීමටයි.