ත්‍රිවිධ හමුදාවේ සහ ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ අවධානයට

උෂ්ණාධික කාලගුණ තත්ත්වය පහව යනතුරු ත්‍රිවිධ හමුදා ඇතුළු අත්‍යවශ්‍ය රාජකාරීවල නිරතවන්නන්ගේ සේවාමුර පිළිබඳ ආයතන ප්‍රධානීන් අවධානය යොමුකළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ උෂ්ණාධික අවදානම් කාලසීමා තුළ අදාළ පාර්ශවවල සේවා මුරවල සංශෝධනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයාබැලීම යෝග්‍ය බවය.
ඊයේ (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
“ඉදිරි සති කිහිපය තුළ උෂ්ණත්වය පහළ යනකම් ආයතන ප්‍රධානීන්ට ලොකු වගකීමක් තියෙනවා ඔවුන්ගේ සේවක සේවිකාවන් මෙවැනි තත්ත්වයන්ට ආවරණය නොවී, සමහර සේවාවන් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ආරක්ෂක අංශයේ සේවය කරන අයට, ඒ නිසා ඔවුන් පිළිබඳ අවධානය යොමු කරලා අවශ්‍ය ජලය ලබාදීලා ඒ වගේ දෙවල් කරන්නට ඕනේ. ඒ කාලසටහනේ යම්කිසි වෙනසක් කරන්න පුලුවන්නම් ඉදිරි දින කිහිපය සහ සති කිහිපයකට එක ඉතාම හොඳ දෙයක් වෙනවා මේ තත්ත්වය වළක්වා ගැනීමට.” යනුවෙන්

