LPL තරඟාවලියට එන විදෙස් ක්‍රිකට් තරු මෙන්න

LPL තරඟාවලියට එන විදෙස් ක්‍රිකට් තරු මෙන්න

සිව්වැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ජුලි 30 වනදා සිට අගෝස්තු 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම තරඟාවලිය සඳහා සහභාගී වීමට ඉඩ ඇති විදෙස් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් LPL සංවිධායකයින් විසින් නිවේදනයක් නිකුත් කරමින් සිටී.

ඒ අනුව අදාළ නිවේදනයේ දැක්වෙන විදෙස් ක්‍රීඩකයින් පහතින්.

බටහිර ඉන්දීය කොදෙව් – ඩ්වේන් බ්‍රාවෝ, කයිරොන් පොලාඩ්, ජොන්සන් චාල්ස් සහ ඈශ්ලි නර්ස්
නවසීලන්තය – මිචෙල් සැන්ටර්, ඉෂ් සෝධි, ටීම් සීෆට්, දැරිල් මිචෙල් සහ ඩග් බ්‍රේස්වල්
අයර්ලන්තය – පෝල් ස්ටර්ලින්
නැමීබියාව – ජෙරාඩ් එරස්මස්
බංග්ලාදේශය – ශකීබ් අල් හසන්, ලිටන් දාස් සහ අෆීෆ් හොසේන්
පාකිස්තානය – මොහොමඩ් නවාස්, නෂීම් ෂා සහ වහබ් රියාස්
දකුණු අප්‍රිකාව – ලුන්ගි එන්ගිඩි, ඉම්රාන් තාහීර් සහ තබ්රෙයිස් ශම්සි
ඔස්ට්‍රේලියාව – ෂෝන් මාර්ෂ්, මැතිව් වේඩ්, ඩාසි ෂෝර්ට් සහ උස්මාන් ක්වාජා

LPL තරඟාවලියට කණ්ඩායම් 5ක් එක්වීමට නියමිතය.

ගාල්ල, දඹුල්ල, ජැෆ්නා,කොළඹ සහ නුවර කණ්ඩායම් සහභාගීත්වයෙන් එම තරඟාවලිය කොළඹ සහ නුවර ආශ්‍රිතව පැවැත්වීමට නියමිතව ඇත.