තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

අම්බලන්ගොඩ පොලිස් වසමේ හිරේවත්ත ප්රදේශයේ දී ඊයේ (26) රාත්රියේ තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
තුවාලකරු රෝහට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වස අවුරුදු 42ක පුද්ගලයෙක් වන අතර ඔහු අම්බලන්ගොඩ ප්රදේශයේ පදිංචි කරුවෙක්.
මරණකරු හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු හිරේවත්ත වෙරළ ආසන්නයේ ස්ථානයක මත්පැන් පානය කරමින් සිට ඇති අතර එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙක් එම පුද්ගලයින් දෙදෙනා සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් එහි සිටි එක් අයෙකුට පිහියෙන් ඇන ඇති බවයි මූලික විමර්ශන වලින් අනාවරණය වී තිබෙන්නේ.
මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර අම්බලන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

