අනතුරක් නිසා මාර්ගයක් තාවකාලිකව වැසේ

අනතුරක් නිසා මාර්ගයක් තාවකාලිකව වැසේ

හොර්ටන් තැන්න නැරඹිමට ගිය පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරට පත්විම නිසා ඊයේ (29) දින පස්වරුවේ සිට හොර්ටන්තැන්නට ඇතුල්වන වාහන තාවකාලිකව නතර කල බව පට්ට්පොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනිල් ජයසිංහ පවසා තිබෙනවා.

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ සිට 20 දෙනෙකුගෙන් සමන්විත පවුලේ සමාජිකයන් පිරිසක් හොර්ටන් තැන්න පාරිසරික කලාපයේ සංචාරයට පැමිණ ආපසු නුවරඑළිය දක්වා ගමන් කරන අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

පස්වරු 4.30 ට පමණ අධික බැවුමක් සහිත ප්‍රදේශයක දී ධාවනය වෙමින් තිබු බස් රථයෙහි තිරිංග ක්‍රියා විරහිත විම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

බස් රථ රියදුරාගේ හැකියාව හේතුවෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති බවයි වාර්තා වන්නේ.

ප්‍රධාන මාර්ගය හරහා පෙරලි ඇති බස් රථය ඉවත් කිරිමෙන් අනතුරුව හොර්ටන් තැන්නට වාහන ඇතුල් කිරිමට අවස්තාව ලැබෙන බවයි ස්ථානාධිපතිවරයා කියා සිටින්නේ.

COMMENTS