අද ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

අද ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

අද (01) දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරන්නේ.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමටද හැකියාවක් ඇත.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ද බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එබැවින් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙසයි.

COMMENTS