ඉන්ධන මිල අඩු වුණත් ත්‍රිරෝද රථ හා බස් ගාස්තු මිල අඩු කරන්න බෑ – ප්‍රවාහන සංගම්

ඉන්ධන මිල සංශෝධනය කළද ත්‍රිරෝද රථ හෝ බස් ගාස්තුවල වෙනසක් සිදු නොවන බව එම ප්‍රවාහන සංගම් පවසනවා.
ඉන්ධන මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබුවේ ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි.
මේ අතර සිපෙට්කෝ ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව ලංකා අයි.ඕ.සී.සමාගමද අද සිට ඉන්ධන මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
මේ අතර ඉන්ධන මිල සංශෝධනයත් සමග සිපෙට්කෝ ආයතනය ඉන්ධන අලෙවියෙන් ලබන ලාභය පිළිබඳව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ඒ් අනුව නව මිල සංශෝධනයත් සමග 92 පෙට්‍රල් ලීටරයකින් ශත 2ක ලාභයක්ද, පෙට්‍රල් 95 ලීටරයකින් ශත 98 ලාභයක්ද, ඩීල් ලීටරකයින් ශත 89 පාඩුවක්, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 9.86 ලාභයක් සහ භූමිතෙල් ලිටරකින් රුපියල් 2.95ක පාඩුවක් ද හිමිවන බවයි අදාළ ට්විටර් සටහටනේ දැක්වෙන්නේ.

