ගුරුවරුන්ට ලිංගික අධ්‍යාපන පුහුණුවක්

සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව ගුරවරුන් පුහුණු කිරීමේ කටයුතු මේ වසරේ සිට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ පෙර පාසලේ සිටම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බවට ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය කර තිබෙන නිර්දේශයත් සමගයි.
ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව විෂය නිර්දේශ ඇතුළත් පොත් සකස් කළ හැකි වුවත් එම කරුණු සිසුන්ට ඉගැන්වීම සම්බන්ධයෙන් ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාව සඳහා මූලිකව අමාත්‍යාංශයේ අවදානය යොමුකර තිබෙනවා.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මෙම වසරේ සිට උපාධි ප්‍රදානය කරන ආයතන බවට පරිවර්තනය කිරීමට අමාත්‍යාංශය උත්සාහ කරමින් සිටින අතර, ඒ අනුව විෂය මාලා සංශෝධනයක් ද සිදු කිරීමට නියමිත බව අමාත්‍යංශය සදහන් කරනවා.

