අද වැසි සමඟ තද සුළං

අද වැසි සමඟ තද සුළං

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02) සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරන්නේ.

බස්නාහිර සහ දකුණු පළාත්වල සහ යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එබැවින් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.