ඩුබායි යන යාපනයේ ඇඹුල් කෙසෙල්

ඩුබායි යන යාපනයේ ඇඹුල් කෙසෙල්

යාපනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය කාබනික වගාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා තිබෙන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න ඉදිරි දින කිහිපය තුළ ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා

එහි අස්වනු නෙලීම් හා සැකසුම් කටයුතු හෙට (03) පෙරවරුවේ ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා .

ඒ අනුව රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතියෙන් සෑම සෙනසුරාදා දිනකම ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් ඩුබායි වෙළෙද පොළට අපනයනය කෙරෙනු ඇති

ඊට සමගාමීව යාපනයේ කාබනික ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 25,000ක් බැගින් සතිපතා අපනයනය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා

දැනට අපනයනය සඳහා ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථාන දෙකක් රාජංගනය හා යාපනයේ ස්ථාපිත කර තිබෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ

ඇඹිලිපිටිය හා සෙවණගල ඇඹුල් කෙසෙල් හා කැවෙන්ඩිෂ් කෙසෙල් ව්‍යාපෘති ආරම්භ වූ පසු බරවකුඹුක හෝ ඒ ආසන්න ප්‍රදේශයක කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියට උපදෙස් ලබා දී තිබෙනවා.

COMMENTS