මැංගුස් සටන යුද්ධයකින් අවසන් වෙයි

කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර පැවැති මැංගුස් සටන ක්‍රිකට් තරඟාවලිය අවසානයේදී ඇතිවූ ගැටුමකින් ක්‍රිකට් පිති ප්‍රහාරයට ලක්වූ කළුතර තිස්ස විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පයාගල පොලිසිය පවසනවා.
මග්ගෝන සරේ ක්‍රීඩා පිටියේදී පාසල් දෙක අතර 13 වන වතාවට පැවති එක් දින තරගය අවසානයේදී අවසන් පන්දුවාරයේදී කළුතර මහ විද්‍යාලය ජයග්‍රහණය ලැබීමත් සමඟම තරඟ නරඹමින් සිටි පරාජිත කළුතර තිස්ස ජාතික පාසලේ සිසුන් පිටිය මැද සවිකර තිබූ ක්‍රිකට් පොලු හතරක් ගලවා ගැනීමත් සමගම මෙම ගැටුම සිදු වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
හිසට වැදුණු තදබල පහරක් හේතුවෙන් බරපතළ තුවාල ලද කළුතර තිස්ස ජාතික පාසලේ උපනායකයා මේ වන විට කළුතර නාගොඩ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, හිසෙහි විශේෂ ශල්‍යකර්මයකට භාජනය කිරීම සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට නියමිත බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

