ගානියාට එරෙහි චෝදනා සශෝධනය කිරීමට මහාධිකරණයෙන් අවසර

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්රැන්සිස්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට කොළඹ මහාධිකරණය අද (03) නීතිපතිවරයාට අවසර ලබාදී තිබෙනවා.
ඇයට එල්ලවී ඇති චෝදනාව වන්නේ, 2019 වසරේ නොවැම්බර් මස සුදු වෑන් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදු කළ බවට පොලීසිය වෙත අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමයි.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී නීතිපතිවරයා කර තිබූ ඉල්ලීමට අනුව අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට විනිසුරුවරයා අවසර ලබාදුන්නා.
ඉන් අනතුරුව මෙම නඩුව ජුනි 15 වනදා කැඳවීමටයි අධිකරණය නියෝග කළේ.

