නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක්

නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක්

නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මූල්‍ය කළමනාකරණ උපායමාර්ග හඳුන්වාදීම මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ශ්‍රී ලංකා හවුල්කාරීත්ව වේගවත් කිරීමේ සංසදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව ප්‍රකාශ කළා.

එහිදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ බදු නොවන ආදායම ඉහල නැංවීමට පියවර ගනිමින් සිටින අතර අරමුදල් විසර්ජනය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.