පුංචි ඡන්දයට නාමයෝජනා දුන් රාජ්‍ය නිලධාරීන් යළි සේවයට

පුංචි ඡන්දයට නාමයෝජනා දුන් රාජ්‍ය නිලධාරීන් යළි සේවයට

පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් නාමයෝජනා ලබාදුන් රාජ්‍ය නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීමට අදාළ චක්‍රලේකය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පළාත් පාලන අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාර දී ඇති රාජ්‍ය නිලධාරීන් ඔවුන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වී ඇති බල ප්‍රදේශයේ, සේවයේ නිරත වි සිටියේ නම් අදාළ බල ප්‍රදේශයෙන් පිටත් පිහිටි රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන වෙත ස්ථාන මාරු කර සේවයට වාර්තා කිරීම සඳහා අවස්ථාව හිමිවනු ඇති.

ඒ අනුව ඔවුන් අද (09) සිට අදාළ ආයතන ප්‍රධානීන් විසින් නම් කරනු ලබන සේවා ස්ථානවල සේවයට වාර්තා කළ යුතු වනවා.

COMMENTS