පොසොන් උත්සවය සමරන්න ජනපතිගෙන් උපදෙස්

පොසොන් උත්සවය ද ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සඳහා අවශ්‍ය සියලූ විධිවිධාන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා.
රටපුරා පොසොන් උත්සව කටයුතු සම්බන්ධයෙන් සොයා බලා එම පින්කම් සාර්ථක කර ගැනීමට ජනාධිපති කාර්යාලයේ සෘජු මැදිහත්වීම ලබාදෙන ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායකට උපදෙස් දී ඇත්තේ.
අනුරාධපුර මිහින්තලා පුදබිම පාදක කරගනිමින් ප්‍රධාන පින්කම් සංවිධාන කරන අතර අනුරාධපුර සහ පොලොන්නරුව ඓතිහාසික සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් පවත්වන ප්‍රතිපත්ති සහ ආමිස පූජාවන් සඳහා රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය වෙන්නේ කුමන අයුරින් දැයි සොයා බලා වාර්තා කරන ලෙස ද ජනාධිපතිතුමන් දන්වා සිටිනවා.
රාජ්‍ය මැදිහත්වීමෙන් වෙසක් උත්සවය සාර්ථක අයුරින් පැවැත් වූ අතර ඊට නොදෙවනි ලෙස පොසොන් උත්සවය ද පැවැත්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

