මුකේෂ් අම්බානි සහ මුත්තයියා මුරලිදරන් අතර ගිවිසුමක්

මුකේෂ් අම්බානි සහ මුත්තයියා මුරලිදරන් අතර ගිවිසුමක්

ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ Reliance Industries සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සමාගමක් වන Ceylon Beverage International සමඟ දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා ගිවිසුමක් අත්සන් කර ඇති බවට වාර්තා වී තිබෙනවා.

Reliance Industries සමාගම ප්‍රසිද්ධව ඇත්තේ ඉන්දියාවේ සිසිල් බීම වෙළඳපොලේ සිය ආධිපත්‍යය තහවුරු කරගනිමින් සිටින නව සිසිල් බීම සමාගමක් ලෙසයි.

එම ගනුදෙනුවේ කොටසක් ලෙස මුරලිදරන්ගේ Ceylon Beverage International සමාගම Campa Cola සදහා ටින් ඇසුරුම් කිරීමේ කටයුතු සිදු කරනු ඇති බවයි සඳහන් වන්නේ.

Ceylon Beverages සමාගම එම ඇසුරුම් කටයුතු සඳහා ඉදිරියේ දී ඉන්දියාවේ ඇසුරුම්කරණ කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට අපේක්ෂා කරන බවයි වාර්තා වී ඇත්තේ.

එම කම්හල ස්ථාපිත වන තෙක් Cylon Beverages Sri Lanka කර්මාන්ත ශාලාවෙන් ටින් කළ Campa Cola අපනනය කිරීමට නියමිත බවයි වැඩිදුර විමසීමේ දී අනාවරණය වූයේ.

කෙසේ වෙතත් ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම ඉදිරියේ දී සිසිල් බීම වෙළඳපොලට තරගකාරී ආයතනයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

https://bit.ly/3LXs8kp

COMMENTS