බණ්ඩි පොහොර මිල බසී

බණ්ඩි පොහොර මිල බසී

බණ්ඩි පොහොර මිල රුපියල් 4,500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ බව පවසා සිටිනවා.

ඒ අනුව, බන්ඩි පොහොර හෙවත් MOP (මියුරියේට් ඔෆ් පොටෑෂ්) පොහොර මිල මෙම යල කන්නයේ දී රුපියල් 4,500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ.

පසුගිය මහ කන්නයේදී රජයට අයත් පොහොර සමාගම් 02 විසින් කිලෝග්‍රෑම් 50කින් සමන්විත බන්ඩි පොහොර මිටියක් රුපියල් 19,500ක් බැගින්වූ මිලකට අලෙවි කළ අත‍ර පුද්ගලික අංශය විසින් බන්ඩි පොහොර මිටියක් රුපියල් 22,500ක් බැගින්වූ මිලකට අලෙවි කිරීම සිදු කළා.

නමුත් මෙවර යල කන්නයේදී ගොවි නිෂ්පාදන වියදම් අඩුකිරීමේ අරමුණ ඇතිව බන්ඩි පොහොර මිල රුපියල් 15,000 දක්වා අඩු කිරීමට තමන් විසින් ඉදිරිපත් කළ යෝජනාවට 2023.05. 08 දින රැස්වූ මිල කමිටුව අනුමැතිය ලබාදුන් බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

COMMENTS