විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට

ජුලි මස පළමුවනදා සිදු කළ යුතු විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව විදුලිබල මණ්ඩලය විසින් සකස් කරනු ලැබූ විදුලි ගාස්තු යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබා දී තිබෙනවා.
රජයේ ප්‍රතිපත්ති තීරණ සහ විදුලි ගාස්තු සංශෝධන යෝජනා ඉදිරිපත් කළ යුතු ක්‍රියාවලිය අනුගමනය කරමින් සෑම වර්ෂයකම ජනවාරි පළමුවනදා සහ ජූලි පළමුවනදා යන දෙදින සිදු කළ යුතු ගාස්තු සංශෝධනයට අනුකූලව විදුලිබල මණ්ඩලය විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්.
එහිදී සත්‍ය විදුලිය ජනන දත්ත, විදුලිය විකුණුම් දත්ත, සත්‍ය ඉන්ධන, ගල් අඟුරු, අනෙකුත් අමුද්‍රව්‍ය මිල ගණන් මෙන්ම 2023 විදුලි ජනන සැලසුම සහ විදුලි අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් අදාළ යෝජනාව සකස් කර තිබෙනවා.
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී එහි උපරිම ප්‍රතිලාභය විදුලිය අඩු වශයෙන් භාවිතා කරන පාරිභෝගිකයන් වෙත ලබා දීම අරමුණු කර ගනිමින් විදුලිබල මණ්ඩලය විසින් එම යෝජනාව සකස් කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

