විදේශගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක්

විදේශගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක්

විදේශගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතිනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව එම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

නාගරික තට්ටු නිවාස සංකීර්ණ ලෙස හා ග්‍රාමීය තනි නිවාස සංකීර්ණ ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති. මීට අමතරව තමන්ගේ ඉඩමක නිවසක් ඉදිකිරීම සදහා ද මේ යටතේ පහසුකම් පවතිනවා.

මේ පිළිබද සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ සහභාගීත්වයෙන් පැවති අතර විදේශගත ශ්‍රමිකයින්ගේ නිවාස අවශ්‍යතා පිළිබද සමීක්ෂණයක් ලබන සඳුදා ආරම්භ කිරීමට නියමිතයි.

දිවයිනපුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරීන් මගින් තානාපති කාර්යාල හරහා හා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවිය හරහා මෙම සමීක්ෂණ සිදු කෙරෙනු ඇති.

සමීක්ෂණයෙන් ලබාගන්නා දත්ත විශ්ලේෂණයෙන් අනතුරුව ඉදිකෙරෙනු ලබන නිවාස වර්ග හා සංඛ්‍යාව නිවාස ඉදිකරනුලබන ප්‍රදේශ ආදිය හදුනාගැනීමට නියමිතයි.