සිවලිංගම් ආරූරන් නොදොස් කොට නිදහස්

2006 වසරේ එවක ආරක්ෂක ලේකම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගමන් ගත් මෝටර් රථයට කොල්ලුපිටිය – පිත්තල මංසන්ධියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයෙකු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ඒ, කොළඹ මහාධිකරණයේ දී අද ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදියි.
මෙම ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවෙකු බවට පත්ව සිටියේ සිවලිංගම් ආරූරන් නැමැත්තායි.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකරුට එල්ල කර තිබූ චෝදනා පහක් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්වී ඇති බැවින් ඔහු නිදොස් කොට නිදහස් කරන බවයි.
එමෙන්ම විත්තිකරු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහකාර පොලිස් අධිකාරීවරයාට ලබා දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් සිදු කරන ලද්දක් නොවන බවට ද අධිකරණය මෙහිදී තීන්දු කර තිබෙනවා.
එමෙන්ම මෙම නඩුවේ චෝදනා එල්ල වී සිටි තවත් විත්තිකරුවෙකු වන පොන්නසාමි සිවාජි නැමැත්තාට එරෙහිව නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණයේ අංක එක විනිසුරුවරයා වෙත යොමුකරන ලෙස ද මෙහිදී නියෝග කෙරුණා.

