සමෘද්ධි බැංකු පද්ධතිය නියාමනයට කමිටුවක්

සමෘද්ධි බැංකු පද්ධතිය නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.
එම කමිටුව පත් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධවයි.
සමෘද්ධි බැංකු පද්ධතිය නියාමනය කිරීම පිළිබඳව අද (17) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම කමිටුව පත් කර ඇති බව සඳහන්.
එහිදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ ප්‍රජාව සවිබල ගැන්වීම, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලික අරමුණ මෙන්ම වගකීම වන බවයි.
සමෘද්ධි බැංකු පද්ධතිය සම්බන්ධයෙන් නිසි නියාමනයක් නොමැති වීම හේතුවෙන් විවිධ ගැටළු මතු වී තිබූ ආකාරය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
එමෙන්ම ජනාධිපතිවරයාගේ උපදෙස් මත, ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය පසුබිම රජය විසින් සකසා ඇති බවත්, ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම සඳහා සමෘද්ධි බැංකු පද්ධතිය නිසි නියාමනයකට ලක් කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
මෙම ක්‍රමවේදය තුළින් රැකියා සුරක්ෂිතභාවය කෙරෙහි කිසිදු බලපෑමක් හෝ සමෘද්ධිබැංකු පද්ධතියට අගතියක් හෝ සිදු නොවන බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ.

