දේවගැති ජෙරම්ගේ ප්‍රකාශයට එරෙහිව ව්‍යවස්ථානුකූලව පියවර

දේවගැති ජෙරම්ගේ ප්‍රකාශයට එරෙහිව ව්‍යවස්ථානුකූලව පියවර

දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් සිදු කළ ප්‍රකාශයට ව්‍යවස්ථානුකූලව පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (17) ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ අරගලය පැවති සමයේ බෞද්ධ ආගමට විරුද්ධව කතා කළ පිරිසටත්, දළදා මාළිගාව සම්බන්ධයෙන් විරුද්ධව අදහස් ප්‍රකාශ කළ පිරිසටත් එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි