තෙල් මිල පහළට

තෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අදත් පහළ ගොස් තිබෙනවා.

එය සමස්ථයක් ලෙස සියයට දෙකක අඩුවීමක් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 75 යි ශත 71ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 71 යි ශත 48 ක් ලෙසයි.