ඩයනාගේ අධිකරණ තීන්දුව කල් යයි

ඩයනාගේ අධිකරණ තීන්දුව කල් යයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජුලි මස 25 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

මෙම තීන්දුව අද (06) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ජුලි මස 25 වනදා දක්වා කල් තබන බවයි.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔසල හේරත් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණ අතර රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.