තහනම් ප්ලාස්ටික් වැටලීම් අද සිට

අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් ඇසුරුම් සහ තහනම් කළ ප්ලාස්ටික් අලෙවිය සම්බන්ධයෙන් අද (06) සිට වැටලීම් සහ නීතිය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
එහි සභාපති සුපුන් එස් පතිරගේ මහතා ඒ බව පැවසීය.
අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් භාවිතය පිළිබඳව සහ නීතිවිරෝධී පොලිතීන් අලෙවි කිරීමෙන් පරිසරයට සිදුවන විනාශය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඊයේ (05) සංවිධානය කර තිබුණි.
ඒ ඊයේට යෙදී තිබුණු ජගත් පරිසර දිනය වෙනුවෙනි.
මෙහිදී පොලිතීන් හා ප්ලාස්ටික් තොග අලෙවි කරන පිටකොටුව ඇතුළු අනෙකුත් වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරීම සිදුවිය.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ මහතා සඳහන් කළේ,
“අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් හා නීතිවිරෝධී ප්ලාස්ටික් සම්බන්ධයෙන් දැනට පවතින නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කළා. අපි රේගුව සමග වැඩපිළිවෙලක් ආරම්භ කළා. එය ගිවිසුම්ගතව සිදුවෙනවා.
අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් වර්ග අපි වරින්වර තහනම් කරලා තියෙනවා.
අවශ්‍ය කරන නීති ප්‍රතිපාදන අපි සකස් කරලා තියෙනවා. ඒවාට නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා.
අද දවසේ කරන්නේ දැනුවත් කිරීම පමණයි. නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ. ජගත් පරිසර දිනයට සමගාමීවයි අපි මේ දැනුවත් කිරීම් කරන්නේ.” යනුවෙන්

