අයේෂාට එංගලන්තයේ ඉහළ තනතුරක්

ශ්‍රී ලාංකික කාන්තාවකට එංගලන්තයේ අධිකරණයක විනිසුරු තනතුරක් හිමිව තිබෙනවා.
මෙලෙස විනිසුරු පදවියක් ලබාදී ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන අයේෂා ස්මාර්ට් තරුණියකටයි.
ඒ අනුව ඇය එංගලන්තයේ විනිසුරුවරියක වූ සුදු ජාතික නොවන ලාබාලතම කාන්තාවයි.
ඇය විශේෂඥ වෛද්‍යරියක් ද වනවා. වයස අවුරුදු 14දී එංගලන්තයට සංක්‍රමණය වන ඇය ලීඩ්ස් සරසවියන් වෛද්‍ය විද්‍යාව හදාරා තිබෙනවා.
පසුව ඇය හැරොගේට් හි විශේෂඥ වෛද්‍යවරිය ලෙස කටයුතු කර ඇති අතර ලීඩ්ස් සරසවියෙන්ම නීතිවේදය හදාරා ඇති බවයි වාර්තා වන්නේ.
ඇය බැරිස්ටර්වරියක් ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව මෙලෙස විනිසුරුවරියක ලෙස පත්වීම් ලබාගෙන තිබුණා.

