ස්වර්ණමහල් තැම්පත්කරුවන්ට සුබ පණිවිඩයක්

ස්වර්ණමහල් තැම්පත්කරුවන්ට සුබ පණිවිඩයක්

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී ආයතනයේ තැම්පත්කරුවන්ට මුදල් ගෙවීම අනිද්දා (9) සිට ජූලි මස 12 වැනි දින දක්වා සිදුකරන බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී ආයතනයේ තැම්පත්කරුවෙකුට ශ්‍රී ලංකා තැම්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ උපරිම වශයෙන් ලක්ෂ 11ක් බැගින් වන්දි මුදලක් හිමිවන බවද ශ්‍රී ලංකා මහබැංකුව සුදුසු කම් ලාභී තැම්පත්කරුවන්ට මහජන බැංකුවේ ඔ්නෑම ශාඛාවකින් වන්දි මුදල් ලබාගත හැකි බවද ශ්‍රී ලංකා මහබැංකුව කියයි.

තැම්පත්කරුවන්ට ස්වර්ණමහල් ආයතනයද විටින් විට ඔවුන්ගේ තැම්පත් මුදලින් කොටසක් ගෙවා තිබේ.

COMMENTS