දිය රකුසාට විදේශිකයෙක් බිලි වෙයි

දිය රකුසාට විදේශිකයෙක් බිලි වෙයි

හික්කඩුව නගරය ආසන්නයේ මුහුදු වෙරළේ දිය නෑමට ගිය රුසියන් ජාතිකයෙකු ඊයේ (07) දියේ ගිලෙමින් සිටියදී ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක් වූ රුසියන් ජාතිකයෙක්.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

COMMENTS