කොළඹට හෙට පැය 20ක් වතුර නැහැ

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු දහයේ සිට පැය විස්සක කාලයක් කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව ගොරකපිටිය, සිද්දමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මැදවලපාර, බෝකුන්දර පාර යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

