කොළඹට හෙට පැය 20ක් වතුර නැහැ

කොළඹට හෙට පැය 20ක් වතුර නැහැ

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු දහයේ සිට පැය විස්සක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ගොරකපිටිය, සිද්දමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මැදවලපාර, බෝකුන්දර පාර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.