ශ්රී ලංකාව සහ තුර්කිය අතර ඍජු ගුවන් සේවා

ශ්රී ලංකාව සහ තුර්කිය අතර ඍජු ගුවන් සේවා ඔක්තෝම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
තුර්කි ගුවන් සේවය නිවේදනය කළේ ඒ අනුව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට කටුනායක දක්වා ඍජු ගුවන් ගමන් එලෙස ආරම්භ කිරීමට නියමිත බවයි.
එමඟින් යුරෝපයේ සිට ශ්රී ලංකාවට වැඩි සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බවට ද එම ගුවන් සමාගම විශ්වාසය පළ කරනවා.

