අහසට වෙඩි තැබූ සජබ සංවිධායක අද අධිකරණයට

අහසට වෙඩි තැබූ සජබ සංවිධායක අද අධිකරණයට

හොරණ බොරළුගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී අබේරත්න අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔහු ඊයේ පස්වරුවේ තමන්ට අයත් ඉඩමකට ගොස් ඇති අතර එහි පිටස්තර පිරිසක් රැදී සිටිනු දැක මොහු ඔවුන් සමග ආරවුලක් ඇති කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ඉඩම බලා ගැනීමට එහි රැදී සිටි යුවලට පිටස්තර පුද්ගලයන් ගෙන්වා නොගන්නා ලෙස මොහු මීට පෙර දන්වා ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් හිටපු මන්ත්‍රීවරයා ඉඩමේ රැදී සිටි පිරිස සමඟ ඇතිකරගත් ආරවුලෙන් පසුව ඔහුට අයත් බලපත්‍ර සහිත පිස්තෝලයෙන් අහසට වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඉන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

මේ සම්බන්ධයෙන් හොරණ පොලිසිය විමර්ශනයක් සිදුකර අවුරුදු 70ක් වයසැති පානදුර පාර, ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි හිටපු මන්ත්‍රීවරයා වෙඩි තැබීමට භාවිතා කළ ගිනි අවිය සහ පතොරොම් 03ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු පොරවක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

COMMENTS