ජෙරොම්ට එරෙහිව විමර්ශනයක්

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකෙරෙන බව නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
ඒ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබූ රීට් පෙත්සමක් සලකා බැලීම සඳහා අද කැඳවූ අවස්ථාවේදීයි.
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා අදාල පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබුණා.
සෝභිත රාජකරුණා සහ ඒ.මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එය කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කරු සම්බන්ධයෙන් මේ වනවිට මුදල් විශුද්ධීකරණයට අදාළ පරීක්ෂණයක් සිදුකෙරෙන බවයි.

