පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලබන මාසේ දිවයිනට

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලබන මාසේ දිවයිනට

පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට සහභාගී වීම සඳහා ලබන මස මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

2023 – 25 ටෙස්ට් ශූරතාවලිය යටතේ එම තරග දෙක පැවැත්වෙයි.

එම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වෙන අතර ඉන් පළමු තරගය ජූලි 20 වනදා ද දෙවැනි තරගය ජූලි 28 වනදා ද ආරම්භ වෙයි.

පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජූලි 09 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙයි.

COMMENTS