මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් සොයා රටම පීරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ, දිවයින පුරා ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් සෝදිසි මෙහෙයුම් සහ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.
වසරේ මේ දක්වා වූ කාලය තුළ මනුෂ්‍ය ඝාතන 255 ක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, මේ වසරේ මේ දක්වා වෙඩි තැබිමේ සිද්ධින් 34 ක් සිදුව ඇති බවයි.
ඊට සංවිධානාත්මක අපරාධ හා අනෙකුත් සිද්ධින් ද ඇතුළත් ය.
පසුගිය වසරේ සිදුව ඇති වෙඩි තැබීමේ සිදුවීම් සංඛ්‍යාව 60 කි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පසුගිය වසරට සමාන මනුෂ්‍ය ඝාතන සංඛාවක් මේ වසරේදී ත් වාර්තා වන බවයි.

