මහනුවර වැවේ තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

මහනුවර වැවේ තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

මහනුවර වැවේ තිබී තිස් එක් හැවිරිදි දෙදරු මවකගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

නුවර පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී අද (20) පෙරවරුවේ එම කාන්තා සිරුර සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ අචලා කුමාරි බණ්ඩාර නැමැති අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවට පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත.

මියගිය කාන්තාවට වයස අවුරුදු 10 ක සහ 5 ක දරුවන් දෙදෙනෙකු සිටින බව පොලීසිය පවසයි.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මරණය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට එළැඹිය හැකි බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව මහනුවර පොලීසිය පැවසුවේය