බස් රථයක් පෙරළෙයි – අයෙක් මරුට – 7කට තුවාල

බස් රථයක් පෙරළෙයි – අයෙක් මරුට – 7කට තුවාල

හෝමාගම තලගල දෙල්ගහ හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් හත් දෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලීසිය පවසයි.

එයින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

විවාහ මංගල්‍යයකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස්රථයක් මෙලෙස අනතුරට මුහුණ පා ඇති බව වාර්තා වෙනවා.

COMMENTS