ශ්රී ලංකාවට කඩුළු 10ක පහසු ජයක්

ICC ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ශ්රී ලංකාව හා ඕමාන අතර තරගයෙන් ශ්රී ලංකාව පහසු ජග්රහණයක් ලබා ගත්තා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඕමාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 30 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 98 ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 5 ක්, ළහිරු කුමාර කඩුලු 3 ක් හා කසුන් රාජිත එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 99 ක්.
පිළිතුරු ඉනිම ආරම්භ කල ශ්රී ලංකා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 15ක් අවසානයේ සිය ජයග්රාහී ඉලක්කය සපුරා ගත්තා.
දිමුත් කරුණාරත්න පන්දු 51ක් තුල ලකුණු 61ක් ලබාගත්තා.

