බස් රථයක් කන්ටේනර් රථයක ගැටෙයි – දෙදෙනෙක් මරුට

බස් රථයක් කන්ටේනර් රථයක ගැටෙයි – දෙදෙනෙක් මරුට

අඹන්පොළ ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදුවු තවත් බස්රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබේ.

කූරගල වන්දනාවේ ගොස් යළි නිවෙස් බලා ගමන් කරමින් සිටි බස් රථයක් අඹන්පොළ ප්‍රදේශයේ දී මාර්ගයේ අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් 6ක් හා පිරිමි පුද්ගලයෙක් අඹන්පොළ රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් කාන්තාවන් 18දෙනෙක් හා පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක් ගල්ගමුව රෝහලේ ද ප්‍රතිකාර ලබයි.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි සහ 71 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

COMMENTS