දසුන් නැතිව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම දිවයිනට

සිම්බාබ්වේ හී දී පැවති සුදුසුකම් ලැබීමේ තරගාවලිය අපරාජිතව නිමා කළ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද (11) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ඔවුන් සිම්බාබ්වේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් 07/11 දින රාත්රී 06.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ සදහා ඔවුන්ට පැය 16 ක පමණ කාළයක් ගත වී තිබුණා.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක මෙම කණ්ඩායම සමග පැමිණ නොසිටි බවයි වාර්තා වෙන්නේ.

