චාමෝදිට දුන් එන්නත් වර්ගය තවත් දෙදෙනෙකුටත් අසාත්මික වෙයි

චාමෝදිට දුන් එන්නත් වර්ගය තවත් දෙදෙනෙකුටත් අසාත්මික වෙයි

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මියයෑමට හේතුවූ එන්නත් කාණ්ඩය මහනුවර ජාතික රෝහලේ රෝගීන් දෙදෙනෙකුට ලබාදීමෙන් අනතුරුව අසාත්මිකතාවයක් හටගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ එන්නත් කාණ්ඩය ඉවත් කිරීමට තීරණය කළ බවය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද ඊයේ මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම පේරාදෙණිය රෝහලේදී මෙම ඖෂධය ලබාදීමෙන් අනතුරුව මියගිය බවට චෝදනා එල්ලවන සිද්ධිය සම්බන්ධයෙන් පත්කළ විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුව ඊයේ එම රෝහලට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක්ද ආරම්භ කරනු ලැබුවා.

එමෙන්ම මහනුවර රෝහලේ අසාත්මිකතාවය ඇති වූ රෝගීන් දෙදෙනාට ප්‍රතිකාර ලබා දෙන අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

COMMENTS