පේරාදේණියේ ප්‍රශ්නගත එන්නත අත්හිටුවයි

පේරාදේණියේ ප්‍රශ්නගත එන්නත අත්හිටුවයි

⁣පේරාදෙණිය රෝහලේදී මියගිය චමෝදි සංදීපනී තරුණියට දුන් එන්නත් ඛාණ්ඩය තාවකාලිකව භාවිතය අත්හිටුවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

21 හැවිරිදි චමෝදි සංදීපනී පසුගිය සඳුදා කැටපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබුණේ, පාචන රෝග තත්ත්වයක් හේතුවෙනි.

එදින රාත්‍රියේ එම රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරු කර තිබුණි.

ඥාතීන් පවසන්නේ, ඇයට ලබාදුන් එන්තකින් පසුව ඇය රෝගී වී මිය ගිය බවයි.

මේ අතර, චමෝදි සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පංච පුද්ගල කමිටුව පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන ආරම්භ කිරීමට නියමිතය.

COMMENTS