මෙවර මහනුවර ඇසළ පෙරහර ආලෝකකරණයට රුපියල් කෝටියකට වැඩි මුදලක්

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය එළැඹෙන අගෝස්තු 21 වන දා සිට අගෝස්තු 31 වන දා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එවැනි පසුබිමක දළදා මාළිගා පරිශ්‍රය, සතර දේවාල,පෙරහර වීථි සංචාරය කරන ප්‍රදේශ ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට අවශ්‍ය අමතර විදුලි ආලෝකකරණ කටයුතු සඳහා ගෙවිය යුතු මුදල් පිළිබඳව විදුලිබල මණ්ඩලය විසින් දියවඩන නිලමේවරයා වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබුණා.
එහි දැක්වුණේ මෙම සියලු ආලෝකකරණ කටයුතු සඳහා රුපියල් එක්කෝටි තිස්දෙලක්ෂ අනූනවදහසක මුදලක් වැය වන බවයි.
ඓතිහාසික ඇසළ පෙරහැර සඳහා මෙතෙක් කල් විදුලි ගාස්තුව දරනු ලැබුවේ නොමිලේ බවත් මෙවර ඒ සඳහා මුදල් ගෙවන්නැයි නියම කරන්නේ ඉතිහාසයේ පළමු වරට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

