ශ්‍රී ලංකාවට තවත් රන් හා රිදී පදක්කම් දෙකක්

ශ්‍රී ලංකාවට තවත් රන් හා රිදී පදක්කම් දෙකක්

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 400X4 පිරිමි සහාය දිවීමේ ධාවන ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම තරග වටය විනාඩි 3.01.56කින් නිම කිරීමට සමත්වුණි.

මේ අතර 400X4 කාන්තා සහාය දිවීමේ ධාවන ඉසව්වේ රීදි පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ක්‍රීඩිකාවන් සමත්ව තිබේ.

ඒ එම තරග ඉසව්ව විනාඩි 3:33.27කින් නිමාකරමින්ය.

අද දවසේ පැවැති තරග වලින් ශ්‍රී ලංකාවට මීටර් 800 කාන්තා ධාවන තරගයේදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ද, 400x 4 කාන්තා සහාය දිවීම තරගයෙන් රිදී පදක්කමක් මෙන්ම මෙම තරගයෙන් රන් පදක්කමක්ද හිමිකර ගැනීමට සමත් වුණා.