ශ්‍රී ලංකාවට රන් සහ ලෝකඩ පදක්කම්

ශ්‍රී ලංකාවට රන් සහ ලෝකඩ පදක්කම්

25 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ අද (16) අද පැවැත්වූ කාන්තා මීටර් 800 දිවීමේ තරගයේ දී තරුෂි කරුණාරත්න නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර, එම ඉසව්වේම ගයන්තිකා අබේරත්න විසින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

එහිදී තරුෂි විසින් වාර්තා කළ කාලය 2:00:66 වන අතර ගයන්තිකා විසින් 2:03:25 ලෙස කාලය වාර්තා කරමින් තරගය අවසන් කළා.