Online Passport ඉල්ලුම ඉහළට

මාර්ගගත ක්‍රමය ඔස්සේ ගතවූ මාසයක කාලය තුළ 29,578 දෙනකු විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කර තිබෙනවා.
ඉන් 24,285 දෙනෙකු අයදුම්පත් ඉදිරිපත් කර ඇත්තේ සාමාන්‍ය ක්‍රමවේදය යටතේ බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කළේ.
එමෙන්ම 5,294 දෙනෙකු එක්දින සේවය තුළින් අදාළ අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවයි ඔහු කියා සිටියේ.
මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ පසුගිය මස 15 වැනිදා සිට ආරම්භ කෙරුණා.
මෙම ක්‍රමය හේතුවෙන් බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ පැවති දිගු පෝලිම් ද අවසන් වී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

