දූෂණ විරෝධී නීතිය හෙට පාර්ලිමේන්තුවට

දූෂණ විරෝධී නීතිය හෙට පාර්ලිමේන්තුවට

උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පක්ෂ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පවත්වා තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සංශෝධන කමිටු අවස්ථාවේදී සැලකිල්ලට ගන්නා බවයි.

ඊට සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය හෙට (19) පැවැත්වීමට නියමිතයි.

එසේම එහිදී ජනාධිපතිවරයා ද්‍රවිඩ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නිර්දේශ කර ඇති සංශෝධන ද සලකා බැලීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

COMMENTS