මැයි වනවිට බිලියන 8ක් ජල බිල්පත් ගෙවා නෑ

මෙම වසරේ මැයි මාසය වන විට තමන්ට අය විය යුතු හිඟ බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 8 ඉක්මවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ, ගෘහස්ථ ජල සැපයුම් සඳහා රුපියල් බිලියන 7.1 ක හිඟ මුදලක් අය කර ගැනීමට පවතින බවයි.
පූජනීය ස්ථානවලින් අය විය යුතු හිඟ මුදල, රුපියල් මිලියන 32 කි.
පොදු ජල සැපයුම් සඳහා රුපියල් මිලියන 262 ක් ගෙවීමට ඇතැයි, ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ය.
කර්මාන්ත සඳහා ලබාදුන් ජල සැපයුම වෙනුවෙන් අය විය යුතු හිඟ මුදල, රුපියල් මිලියන 15 කි.
රාජ්‍ය ආයතනවලින් රුපියල් මිලියන 656 ක හිඟ මුදලක් අයවිය යුතුව ඇත.
ඒ අනුව හිඟ බිල්පත් නොගෙවීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින් 90,617 දෙනෙකුගේ ජල සැපයුම විසන්ධි කර ඇතැයි, ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ ය.
නීතිමය පියවර ගෙන ඇති ජල පාරිභෝගිකයින් සංඛ්‍යාව, 5277 ක්.

