මේ වසරේ විම්බල්ඩන් ශූරයා ස්පාඤ්ඤයේ කාලෝස්

මේ වසරේ විම්බල්ඩන් ශූරයා ස්පාඤ්ඤයේ කාලෝස්

මේ වසරේ විම්බල්ඩන් පිරිමි ටෙනිස් ශූරතාව දිනා ගැනීමට විසි හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කාලෝස් ඇල්කරාස් සමත්ව තිබෙනවා.

ඒ අවසන් තරගයේදී 36 හැවිරිදි නොවැක් ජොකොවිච් පරාජයට පත් කරමින්.

පසුගිය වසර තෙක් විම්බල්ඩන් ලෝක ශූරතාව හත් වතාවක් ජොකොවිච් දිනාගෙන තිබෙනවා.

ඊයේ (16) පැවති තරගයේදී වට 3 ට දෙකක් ලෙස ජයග්‍රහණය කරමින් කාලෝස් ඇල්කරාස් විම්බල්ඩන් පිරිමි ශූරතාව දිනාගනු ලැබුවේ.

ඇල්කරාස් විම්බල්ඩන් ටෙනිස් ශූරතාවක් දිනාගත් පළමු අවස්ථාව මෙය වන අතර, මීට පෙර ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලිය ජය ගෙන තිබෙනවා.